වෙරළ තීරයේ තව දුරටත් තෙල්

0
246

මුහුදේ සිට මුතුරාජවෙල ඉන්ධන ගබඩා සංකීර්ණය වෙත ඉන්ධන ගෙනයන නලයක සිදු වූ කාන්දුවෙන් ගලා ගිය ඉන්ධන තවදුරටත් දික්ඕවිට, උස්වැටකෙයියාව ඇතුළු ප‍්‍රදේශවල වෙරළතීරයේ පවතිනවා.

නෙත් නිවුස් අද (10) අලූයම කළ ක්ෂේත‍්‍ර චාරිකාවකදී අනාවරණ වුණේ කලූ පැහැති තෙල් තට්ටු තවදුරටත් මුහුදු ජලයේ මෙන්ම වෙරළ තීරයේද දැකගත හැකි බවයි.

අදාළ ප‍්‍රදේශයේ ආරක්ෂාවට මේ වනවිට නාවික හමුදාව යොදවා ඇති ආකාරය ද එහිදී දැකගත හැකි වුණා.

වෙරළ තීරයට ගසාගෙන ආ ඉන්ධන ඉවත් කිරීමේ කටයුතු ඊයේ (09) දිනය තුළ සිදුවුණේ නාවික හමුදාව සහ වෙරළාරක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙන්. ඊට 300කට අධික පිරිසක් එක්ව සිටියා. අද දිනයේද එම කටයුතු සිදු කරන බවයි නාවික හමුදාව ප‍්‍රකාශ කළේ. ඉන්ධන ඉවත් කිරීම සඳහා දැඩි පරිශ‍්‍රමයක් දරමින් ඔවුන් ඊයේ දවස පුරා දරා ඇත.

මේ සම්බන්ධයෙන් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප‍්‍රදීප් කුමාර කියා සිටියේ සාගර කලාපය ආශි‍්‍රත පරිසර පද්ධතියට මේ හේතුවෙන් බලපෑම් එල්ල වීමේ දැඩි අවධානමක් පවතින බවයි.

ඉන්ධන කාන්දු වීම හේතුවෙන් උස්වැටකෙයියාව මුහුදු තීරයේ මෙන්ම පමුණුගම දක්වා වූ වෙරළ තීරයේද කලූ තෙල් පැල්ලම් තවදුරටත් දැකගත හැකි වනවා.

ලංකා ඛණිජ තෙල් සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග පැවසුවේ නළය මගින් රැගෙන ගියේ දැවි තෙල් විශේෂයක් බැවින් මෙම කාන්දුවෙන් ඉන්ධන හිගයක් ඇතිවීමේ අධානමක් නොමැති බවයි.

මෙම ඉන්ධන රැගෙන ගිය නළය ඉතා පැරණි නලයක් වන අතර, වසර 60ටත් වඩා පැරණි මෙවැනි නළ මගින් තවදුරටත් ඉන්ධන රැගෙන යන බවද එහිදී හෙළි වුණා.