ආහාර විෂ වීම නිසා ළමුන් 20 ක් තවදුරටත් රෝහලේ

0
252

ආහාර විෂ විම හේතුවෙන් ඊයේ (05) රාත්‍රි වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ ළමුන් 20 දෙනෙකු තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.

ආහාර විෂ විම හේතුවෙන් ඊයේ (05) රාත්‍රි වටවල ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කළ ළමුන් 65 දෙනෙකුගෙන් ළමුන් 17 දෙනෙක් වටල රෝහලේත් තවත් ළමුන් තිදෙනෙක් නාවලපිටිය මුලික රෝහලේත් තවදුරටත් නේවාසිකව ප්‍රතිකාර ලබන බව වටවල රෝහලේ දිස්ත්‍රික් වෛද්‍යය නිලධාරි සනත් පෙරේරා මහතා පැවසීය.

වටවල පොලිස් වසමට අයත් ටෙම්පල්ස්ටො වතුයායේ පදිංචි ළමුන් 160 දෙනෙකුට ඊයේ පස්වරුවේ එම වතු යායේ පිහිටි රාජ්‍යය නොවන සංවිධානයක් මඟින් පවත්වාගෙන යන ආගමික ස්ථානයක් මගින් ලබාදුන් ආහාර විස වි ආසාත්මිකතාවයක් ඇති විම හේතුවෙන් ඊයේ රාත්‍රි 7.00 සිට රාත්‍රි 10.00 පමණ වන තෙක් වයස අවුරුදු 1 සිට 12 දක්වා වයස් කාණ්ඩ වල පසුවන ළමුන් 65 දෙනෙකු වමනය , ක්ලාන්තය සහ පාචනය යන රෝග ලක්ෂණ නිසා වටවල ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කරනු ලැබීය.

එසේ ඇතුලත් කළ ළමුන්ගෙන් අසාධ්‍යය තත්ත්වයේ සිටි ළමුන් තිදෙනෙකු නාවලපිටිය මුලික රෝහලට වෙත මාරු කර යවා ඇති අතර තවත් පිරිමි ළමුන් දස දෙනෙකු සහ ගැහැණු ළමුන් හත් දෙනෙකු වටවල රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව එම රෝහලේ වෛද්‍යවරයෙකු කියා සිටියේය.

එම වතුයායේ පිහිටි ආගමික ස්ථානය මඟින් එම වතුයායේ පදිංචි පාසල් ළමුන්ට පාසල් වේලාව අවසන් විමෙන් පසු බාහිර පන්ති පවත්වා එම පන්තිවලට සහභාගි වන ළමුන්ට දිනපතා ආහාර ලබා දෙන බව රෝහල් ගත කර සිටින ළමුන්ගේ දෙමාපියන් කියා සිටියි.

ඊයේ දිනයේ බත් සමඟ කුකුල් මස් ව්‍යාංජනයක් ආහාරය සදහා ළමුන්ට ලබා දි ඇත.

ආහාර විස විම සම්බන්ධයෙන් වටවල පොලිසිය සහ මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වෙන් වෙන් වශයෙන් පුළුල් ලෙස පරික්ෂණ ආරම්භ කර ඇත.