“ජන බලය” අද කොළඹට

4
197

ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන විරෝධතා රැළිය අද(05) කොළඹදී පැවැත්වීමට කටයුතු කර තිබේ.

මෙම ජන බලය මහජන විරෝධතා රැළිය මැඩ පැවැත්වීම සඳහා ආණ්ඩුව විවිධ පියවර ගත්තද නොබියව ඊට මුහුණ දෙන බව ඒකාබද්ධ විපක්ෂයේ ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා පවසයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රදානත්වයෙන් ඔහුගේ නිළ නිවසේ ඊයේ(05) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ශෙහාන් සේමසිංහ මන්ත්‍රීවරයා මෙම අදහස් පළ කළේය.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නියමිත වේලාවේදී ජනතා රැළියට සහභාගී වනු ඇති බව ලක්ෂ්මන් යාපා අබේවර්ධන මන්ත්‍රීවරයා පවසයි.

රැළියට සහභාගී වන ජනතාව පැමිණෙන බස් රථ වලට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනීමේ හැකියාවක් ආණ්ඩුවට නොමැති බව අනුර ප්‍රියදර්ශන යාපා මන්ත්‍රීවරයා පෙන්වාදෙයි.

පසුගියදා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායමේ සහයද මෙම රැළියට ලැබෙන බව චන්දිම වීරක්කොඩි මන්ත්‍රීවරයා පෙන්වා දෙයි.

4 COMMENTS

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here