මුලතිව් බෝම්බයක් පුපුරා පුද්ගලයෙකු මරුට

0
147

මුලතිව්,මාන්කුලම,මල්ලාවි මාර්ග‍ය දෙපස තේක්කවත්ත ප්‍රදේශයේ බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු නිරතව සිටියදී බිම්බෝම්බයක් පුපුරා යෑමෙන් පුද්ගලයෙකු ජිවිතක්ෂයට පත්ව තවත් පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා ඇති බව මාන්කුලම පොලීසිය පවසයි.

මාන්කුලම පොලිසිය පැවසූවේ ඊයේ(03) සවස සිදු වු මෙම අනතුරින් කිලි‍නොච්චිය ප්‍රදේශයේ පදිංචි පද්මනාදන් දිලීපන් නමැති 28 හැවිරිදි තරු‍ණයෙකු ජිවිතක්ෂයට පත්ව ඇති බවයි.

වවුනියාව ඕමන්ත ප්‍රදේශයේ පදිංචි ආර්.නිදර්ශන් නමැති 25 හැවිරිදි තරුණයෙකු බරපතළ තුවාල ලබා ඇති බව ද පොලීසිය සඳහන් කරයි.

තුවාලකරු වවුනියාව රෝහලට ඇතුළත් කොට ඇති අතර මියගිය පුද්ගලයාගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණ වෙනුවෙන් කිලිනොච්චිය රෝහල වෙත යොමු කොට ඇති බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේය.

බිම්බෝම්බ ඉවත් කිරීමේ ඩෑෂ් නමැති ජාත්‍යන්තර සංවිධානයට අනුයුක්තව සේවය කළ තරුණයින් දෙදෙනෙකු අනතුරට ලක්ව ඇති බවද පොලීසිය පැවසීය.

පොලිසිය වැඩිදුරටත් පැවසූවේ බ්ම්බෝම්බ ඉවත් කිරීමේදී හමුවු බෝම්බයක් නිශ්ක්‍රීය කිරීමට යාමේදී අනතුර සිදුව ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මාන්කුලම පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here