භික්ෂූ දඩයමට එරෙහිව ආබාධිත රණවිරුවන් කොටුවට

0
336

වත්මන් ආණ්ඩුව විසින් මේ වන විට ක්‍රියාත්මක කරමින් යන භීක්ෂූ දඩයමට එරෙහිව ආබාධිත රණවිරුවන් ඇතුළු දෑහිතකාමී ජනතාව අද (03) කොටුව දුම්රියපොල ඉදිරිපිටදී විරෝධතාවයක් සංවිධානය කරන ලදී.

පූජ්‍ය බෙංගමුවේ නාලක, පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත සහ පූජ්‍ය මැඩිල්ලේ පඤ්ඤාලෝක යන හිමිවරුන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට මේ වන විට පැමිණ තිබෙනවා.

මෙම භික්ෂූන් වහන්සේලා සිව් නමට අද (03) දිනයේ අධිකරණය හමුවේ පෙනී සිටින කොටුව මහේස්ත්‍රාත් අධිකරණය පසුගිය 31 වනදා නියෝගයක් ලබා දුන්නා.

2016 වසරේ කොළඹ පැවති ආබාධිත රණවිරුවන්ගේ විරෝධතාවක් අතරතුර රාජ්‍ය දේපලවලට හානි සිදුකිරීමේ යන චෝදනා ගොණු කරමින් මෙලෙස අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කර ඇත.

රණවිරු අයිතිවාසිකම් සුරැකීමේ ජාතික බලවේගයේ සභාපති යුඩී වසන්ත මහතා ඇතුළු ආබාධිත රණවිරුවන්ගේද සහභාගීත්වයෙන් පැවති මෙම විරෝධතාවයේ යෙදී ඇත. වත්මන් ආණ්ඩුව විසින් රණවිරුවන් වෙනුවෙන් පෙනී සිටින ස්වාමින්වහන්සේලා සිරගත කොට රණවිරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනීසිටින බලවේගද අඩපන කිරීම බව යූඩි වසන්ත මහතා වැඩිදුරටත් පවසයි.