ආසියානු තරගාවලියට මාලිංග නම්කරයි

0
248

ආසියානු කුසලාන තරගාවලිය සඳහා නම් කල ශ්‍රී ලංකා සංචිතයට වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නම් කර තිබේ. ඔහුට අමතරව කලකට පසුව දුෂ්මන්ත චමීරද කණ්ඩායමට නම්කර තිබේ.

විස්සයි 20 ලීග තරගාවලියේ වැඩිම කඩුලු දවාගත් පන්දු යවන්නා මෙන්ම ඒම තරගාවලියේ වැඩිම ලකුණු ප්‍රමාණයක රැස්කළ පිතිකරුවා වන දසුන් ශානකද සංචිතයට නම් කර තිබේ.

ශ්‍රී ලංකා සංචිතය – ඇන්ජලෝ මැතිව්ස් (නායක), කුසල් පෙරේරා, කුසල් මෙන්ඩිස්, උපුල් තරංග, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, තිසර පෙරේරා, දසුන් ශානක,ධනංජය ද සිල්වා, අකිල ධනංජය, ඩිල්රුවන් පෙරේරා, අමිල අපෝන්සු, කසුන් රාජිත, සුරංග ලක්මාල්, දුෂ්මන්ත චමීර, ලසිත් මාලිංග