පාතාලේ පොඩි විජේ කොටු වෙයි

0
209

පොලිස් විශේෂ කාර්ය බලකාය සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකක 02 හී නිලධාරීන්ට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය පොලිස් වසමේ සිදු කළ වැටලීමකදී පාතාලා සාමාජිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පාතාල ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට තොරතුරු ලැබී ඇති පොඩි විජේ හෙවත් සිසිර කුමාර නැමැත්තා මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ කඩුවක්ද සමගින්.

කොලොන්නාව ප්‍රදේශයේදී කුඩු ලාල්, චූටි පුතා යන අය සමග කප්පම් ගැනීම් හා හෙරොයින් ජාවාරමේ යෙදීම මොහුට එරෙහිව ඇති චෝදනා අතර වනවා.