විශ්‍රාම වැටුප ඉල්ලා සමෘද්ධි නිලධාරීන් පාර්ලිමේන්තුව වටලයි

0
250

වත්මන් රජය බලයට පත්වීමත් සමග සමෘද්ධි නිලධාරීන්ගේ විශ්‍රාම වැටුප අහිමි වීම හේතුවෙන් මේ වන විට සමෘද්ධි නිලධාරීන් ගැටළු රැසකට මුහුණ පා ඇති බව සමෘද්ධි අයිතිීන් සුරැකීමේ ජාතික පෙරමුණ පවසයි. එම පෙරමුණේ කැඳවුම්කරු ජගත් කුමාර මහතා පවසන්නේ මේ වන විට සමෘද්ධි නිලධාරීන් 152 දෙදෙනෙකු මියගොස් 100 කට අධික පිරිසක් විශ්‍රාම ගොස් සිටියද ඔවුන්ට විශ්‍රාම වැටුපක් හෝ ඔවුන්ගෙන් යැපෙන්නන්ට කිසිදු ප්‍රතිලාබයක් නොලැබී ඇති බවයි.

එසේම සමෘද්ධි ලාභීන්ගේ සහනාධාර කප්පාදු කර එම මුදලින් රජයට හිතවාදී පාක්ෂිකයන්ට ණය මුදල් ලබා දීමට සැලසුම් කර සිටින බවත් මේ හේතුවෙන් සමෘද්ධි ලාභීන් තවදුරටත් අසරණ තත්වයට පත්වන බව ඒ මහතා පෙන්වා දෙයි. සමෘද්ධි ආයතනය බංකොලොත් කර පුද්ගලික අංශයට පවරා දීමේ තැතක් ද ඇති බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසයි.

මේ සම්බන්ධයෙන් රජය දැනුවත් කලද විෂයභාර ඇමතිවරයා දිගින් දිගටම සමෘද්ධි ව්‍යාපාර කඩාකප්පල් කිරීමේ ක්‍රියාවලිය තුල සිටින බැවින් මේ සම්බන්ධයෙන් විරෝධය දැක්වීමට එළඹෙන 9 වැනිදා පාර්ලිමේන්තුව අසල දැවැන්ත විරෝධතාවයක් පැවැත්වීමට සියළු කටයුතු සූදානම් කර ඇති අතර, එදින සියළු සමෘද්ධි නිලධාරීන් බැංකු කටයුතුවලින් ඉවත්වන බවද එම පෙරමුණ අවධාරණය කරයි.