ආදායම් බදු උපයන විට බදු ගණනය කිරීමේ ප්‍රතිශතය වෙනස් නොකළ බව මුදල් අමාත්‍යාංශය කියයි

0
250

ආදායම් බදු හෝ උපයන විට බද්ධ ගණනය කිරීමේ ප්‍රතිශතය වෙනස් කර නොමැති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

නිවේදනයක් නිකුත් කරමින් මුදල් අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සාමාජිකයින් සමඟ පසුගියදා පැවති සාකච්ඡාවේ දී බදු ප්‍රතිශතය වෙනස් කිරීම ගැන තීන්දුවක් නොගත් බවයි.

වෛද්‍යවරුන්ගේ බදු ගණනය කිරීමේ ක්‍රමවේදය අනුව යම් සහනයක් ලබාදීම පිළිබඳව එම සාකච්ඡාවේ දී අවධානය යොමුවූ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

කෙසේවෙතත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඊයේ(06) නිවේදනය කළේ සියයට 24ක් වන ආදායම් බද්ධ විශේෂඥ වෛද්‍යවරුන් සඳහා සියයට 15 දක්වා අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

වෛද්‍යවරුන් සමඟ පැවති සාකච්ඡාවේ දි මුදල් අමාත්‍යාංශය ඊට එකඟතාව පල කළ බව රාජිත සේනාරත්න අමාත්‍යවරයා සඳහන් කළේය.

මේ සම්බන්ධයෙන් අද දෙරණ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයෙන් විමසීමක් කළ අතර, එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ බදු ප්‍රතිශතයේ වෙනසක් සිදුකිරීමට මුදල් අමාත්‍යාංශය එකඟ නොවූ අතර වෛද්‍යවරුන්ගේ වියදම් ගණනය කිරීම සම්බන්ධයෙන් වන ක්‍රමවේදය සංශෝධනය කිරීමට එකඟ වු බවයි.