මුහුදේ දියනෑමට ගිය ගැහුණු ළමුන් දෙදෙනෙක් දියේ ගිලී මරුට

0
626

කළුතර කැලිඩෝ වෙරළ තීරයට අයත් මුහුදේ දියනෑමට ගිය ගැහුණු ළමුන් දෙදෙනෙකු දියේ ගිලී මියගොස් තිබේ.

පුද්ගලයන් පිරිසක් කැලිඩෝ මුහුදේ දියනෑමට ගොස් ඇති අතර එහිදි මව, පියා, දියණිය සහ තවත් ගැහැණු ළමයෙකු දියේ ගිලි ඇති බව පොලීසිය සදහන් කළේය.

නාවික හමුදාවේ ජීවිතාරක්ෂක නිලධාරින් විසින් ඔවුන් බේරාගෙන කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ගැහැණු ළමුන් දෙදෙනා මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ කොළඹ, කොටහේන ප්‍රදේශයේ පදිංචිව සිටි 11 හැවිරිදි ගැහැණු ළමුන් දෙදෙනෙකි.

මේ අතර මස්කෙළිය, ගාඩ්මෝර් ඔයේ ගිලි 69 හැවිරිදි කාන්තාවක් මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ ගාඩ්මෝර්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි කාන්තාවක් වන අතර මෘත ශරීරය නාවලපිටිය රෝහලේ මෘත ශරීරයේ තබා ඇති බව පොලීසිය පැවසීය.