කුඩු සමග දෙදෙනෙකු දැලේ

0
270

පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් විසින් අද(21) සවස සේරුනුවර, ඊච්චලම්පත්තු ප්‍රදේශයේ දී හෙරොයින් බවට සැකකරන කුඩු සමඟ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරුවන් අවුරුදු 42 ක් හා 46 ක් යන වයස්වල පසුවන පුද්ගලයින් වන අතර, මොවුන් සතුව තිබී හෙරොයින් බවට සැකකරන කුඩු කි‍ලෝ 2 යි ග්‍රෑම් 69 ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

එම සැකකරුවන්ගෙන් එක් අයෙකු ඊච්චලම්පත්තු ප්‍රදේශයේ පදිංචි පුද්ගලකු වන අතර, අනෙක් සැකකරු කරකාමලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

සැකකරුවන් දෙදෙනා අදාළ කුඩු වර්ගය සමඟ ‍සේරුනුවර පොලිස් ස්ථානය වෙත බාර දීමට කටයුතු කර තිබේ.