ලෝකාන්තයට කෙටි මඟක්

2
200

දෙස් විදෙස් සංචාරකයින්ගේ දැඩි ආකර්ශණයට ලක් වු ලෝකාන්තය නැරඹීම සඳහා යාමට ඉතාම කෙටි මාර්ගයක් බලංගොඩ සිට නම්පෙරියල් වතුයාය හරහා වැටී ඇති බවට තොරතුරු වාර්තා වෙයි.

එය නීත්‍යානූකුල ලෙස පවත්වාගෙන ගොස් මෙරට සංචාරක කර්මාන්තය නගා සිටුවීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස එම ප්‍රදේශවල ජනතාව අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියි.

සුදු අධිරාජ්‍යවාදීන් මෙරට වතු පාලන කරන සමයේ ස්ථාපිත කරන ලද බලංගොඩ සිට නම්පෙරියල් වතුයාය හරහා ලෝකාන්තය දක්වා දිවෙන මෙම මාර්ගය අදටත් භාවිත කළ හැකි තත්වයේ පවතියි.

මේ මාර්ගය හරහා ලෝකාන්තය නැරඹීමට යන ඔනෑම සංචාරකයෙකුට ඇවිද යාමට ඇත්තේ කිලෝ මීටර් දෙක හමාරක් වැනි දුරක් පමණයි.

බලංගොඩ, බෙලිහුල්ඔය හා පඔහින්න ප්‍රදේශවල ජනතාව හා ඉඹුල්පේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා පසුගියදා මෙම මාර්ගයේ නිරික්ෂණයකට එක් වු අතර ඔවුන් පෙන්වා දෙන්නේ නීත්‍යානුකූල ලෙස මෙම මාර්ගය සංචාරකයින් සදහා විවෘත කිරීමට හැකි වන්නේ නම් එය මෙරට සංචාරක කර්මාන්තයේ දියුණුවට මහගු පිටුවහලක් වන බවයි.

මේ වන විටත් මෙම මාර්ගය දන්නා බොහෝ පිරිස් ඒ ඔස්සේ ලෝකාන්තය නැරඹීමට පැමිනෙන අතර එය නිසි ක්‍රමවේදයක් යටතේ පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගන්නා ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය දැනුවත් කර ඇති බව සභාපතිවරයා මෙහිදි වැඩිදුරටත් පැවසීය.

2 COMMENTS

  1. I’m very happy to discover this site. I want to to thank you for your time due to this fantastic read!! I definitely savored every part of it and I have you bookmarked to check out new stuff on your blog.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here