ලොවපුරා කොවිඩ් ආසාදිතයින්ගේ ගණන පනස් එක්ලක්ෂය ඉක්මවයි

0
9

ලොව පුරා කොවිඩ් නයින්ටීන් ආසාදිතයින්ගේ සංඛ්‍යාව පනස් එක් ලක්ෂය ඉක්මවා ගොස් තිබේ.

රටවල් සහ ස්වාධින රාජ්‍ය 213 කින් වාර්තා වන නව කොවිඩ් ආසාදිතයින්ගේ ගණන 51 ලක්ෂ 89, 177 බවයි විදෙස්වාර්තා පෙන්වාදෙන්නේ.

සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන්ලක්ෂ 34, 072 දක්වා ඉහළ ගොස් තිබේ.

කෙසේවෙතත් සුවය ලැබු සංඛ්‍යාව විසිලක්ෂ 78, 536 ක් වේ.

චීනයේ වුහාන් නගරයෙන් ආරම්භ වු කොවිඩ් නයන්ටීන් වෛරසය හේතුවෙන් මේ වන විට දැඩි බලපැමක් එල්ල ව ඇත්තේ අමෙරිකා එක්සත් ජනපදයටයි.

අමෙරිකාවෙන් ගතවු පැය 24 තුළ නව ආසාදිතයින් 28,000 කට ආසන්න ප්‍රමාණයක් හදුනාගැනිමත් සමග එරටින් වාර්තා වන සමස්ථ ආසාදිතයින්ගේ ගණන 16 ලක්ෂ 20,371 දක්වා ඉහළ ගොස් තිබේ.

සිදුවු ඇති මරණ සංඛ්‍යාව 96,292ක්.

මීට අමතරව වෛරසය හේතුවෙන් දෙවනුවට දැඩි බලපෑම් එල්ල වි ඇති රට වන්නේ රුසියාවයි.

රුසියාවෙන් ආසාදිතයින් තුන්ලක්ෂ 17,554 දෙනෙකු හදුනගෙන ඇති අතර සිදුව ඇති මරණ සංඛ්‍යාව තුන්දහස ඉක්මවයි

බ්‍රසිලය ද ආසාදිතයින් ලක්ෂ 03 සහ මරණ විසිදහස ඉක්ම වු රටවල් අතරට අයත් වන බවයි විදෙස්වාර්තා පෙන්වාදෙන්නේ.

මීට අමතරව ස්පාඤඤය , බ්‍රිතාන්‍ය සහ ඉතාලිය ආසාදිතයින් ලක්ෂ දෙක ඉක්මවු රටවල් අතරට අයත් වන අතර ප්‍රංශය , ජර්මනිය , තුර්කිය ඉරානය , පේරු රාජ්‍ය සහ අසල්වැසි ඉන්දියාව ද ආසාදිතයින් ලක්ෂය ඉක්මවු රටවල් අතරට අයත් වේ.