කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් 4ක් අත්අඩංගුවට

0
15

පුත්තලම‍ පොලිස් වසමේ කල්අඩි ප්‍රදේශයේ දී පුත්තලම කොට්ඨාස විස මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදු කර කේරල ගංජා හා අයිස් සමඟ සැකකරුවන් සිව් දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

වැටලීමෙන් අයිස් ග්‍රෑම් 7 යි මිලිග්‍රෑම් 70 ක් හා කේරල ගංජා ග්‍රෑම් 22 යි මිලිග්‍රෑම් 70 ක් සමඟ මෙම පිරිස අත්අඩංගුවට පත්ව ඇත.

අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 33, 48, 55 හා 57 යන වයස්වල පසුවෙන පොල්ගහවෙල, තඹුත්තේගම, හෙට්ටිපොල හා පිළිමතලාව යන ප්‍රදේශවල ජීවත්වන අයයි.

සැකකරුවන් අද(21) තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

පුත්තලම පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.