වැසිකිළිවලක තිබී බිළිඳු මළ සිරුරක් හමුවෙයි-සැකපිට කතක් අත්අඩංගුවට

0
10

යාපනය,පුත්තූර්,විග්නේශ්වරා විදීය ප්‍රදේශයේ නිවසක වැසිකිළි වලක තිබි බිළිඳු මළ සිරුරක් ඊයේ(20) සොයාගත් බව යාපනය අච්චුවේලි පොලීසිය පවසයි.

පොලීසිය පැවසුවේ උපන් විගස බිළිඳු සිරුර එලෙස වැසිකිළිවලට දමා ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙන් සැකපිට 38 හැවිරිදි කාන්තාවක්ද අත්අඩංගුවට ගෙන ඇති බවයි.

පොලිසිය වෙත ලද තොරතුරක් මත සිදුකළ පරීක්ෂණයක් මත අදාළ කාන්තාව අත්අඩංගුවට ගත් බව ද පොලීසිය සඳහන් කළේය.

අදාළ කාන්තාවගේ ස්වාමිපුරුෂයා මීට වසර දෙකකට පමණ පෙර ජිවිතක්ෂයට පත්ව ඇති අතර, අනතුරුව අදාළ කාන්තාව වෙනත් පුද්ගලයෙක් සමඟ ඇති කර ගත් සම්බන්ධතාවය මත ගැබ් ගෙන ඇති බවට තොරතුරු පවතින බවද පොලීසිය පැවසීය.

පොලීසිය වැඩිදුරටත් පැවසූවේ කාන්තාව ගැබ් ගැනීමෙන් අනතුරුව පසුගියදා බිළිදෙකු බිහිකොට ඇති අතර,එලෙස උපන් බිළිඳා නිවසේ වැසිකිළි වලට දමා ඇති බවයි.

බිළිඳු මළ සිරුර සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණ හා පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීමට නියමිත බවද පොලීසිය පැවසූහ.

සිදුවීම සම්බන්ධයෙන් අච්චුවේලි පොලීසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.