හෙරෝයින් සහ ගිණි අවියක් සමග අයෙකු අත්අඩංගුවට

0
116

විදේස් රටක නිෂ්පාදනය කරන ලද රිවෝලවරයක් හා හෙරොයින් සමඟ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන කඩවත පොලීසිය වෙත ඉදිරිපත් කර තිබේ.

ඊයේ(08) සවස 4.25 ට පමණ කැලණිය කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත කඩවත පොලිස් වසමේ එඩේරමුල්ල ප්‍රදේශයේ දී මෙම රිවෝලවරය හා ජීව උණ්ඩ 5ක් ද හෙරොයින් ග්‍රෑම් 18 යි මිලිග්‍රෑම් 860 ක් ද සැකකරුවන් සන්තකයේ තිබු රුපියල් 125,000 ක මුදලක්, කුඩා ඉලෙක්ට්‍රොනික් තරාදියක් හා ජංගම දුරකතන 5ක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 32 ක හා 30 යන වයස්වල සිටින වත්තල හා කඩවත ප්‍රදේශයේ පදිංචිකරුවන් බව පොලීසිය සඳහන් කරයි.

සැකකරුවන් අද(09) මහර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

කඩවත පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here