ලංකාව තවමත් සිටින්නේ වෛරසය ව්‍යාප්තියේ තුන්වන අදියරේ-වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

0
28

ජාතික බෝවන රෝග විද්‍යායතනයේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා කොවිඩ් 19 වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් අදහස් පල කළේය.

ඒ අද දෙරණ බිග් ෆෝකස් වැඩසටහනට එක්වෙමින්.

ඒ මහතා පවසන්නේ ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ කොරෝනා ව්‍යාප්තියේ තුන් වන අදියරේ බවයි.

එනම් පොකුරු වශයෙන් තැන් තැන් වලින් ආසාදිතයින් හඳුනාගන්නා අවස්ථාවේය.

එම සෑම රෝගියෙකුටම වෛරසය ආසාදනය වී තිබෙන්නේ කුමන ආකාරයෙන් ද යන්න තවමත් හඳුනාගත හැකි බවත් සමාජ සම්ප්‍රේෂණ තත්ත්වයට තවමත් මෙරට පැමිණ නැති බවත් ඒ මහතා පවසයි.

එම අදියරට එනම් සිව්වන අදියරට පැමිණිය හොත් රෝගීන් රැක බලා ගත හැකි ධාරිතාවය ඉක්වමිය හැකි බවත් එම තත්ත්වයට ඒම වැළැක්විය හැක්කේ හැකිතාක් සංචරණය අඩු කර ජනතාවගේ සහයෝගය ඇතුව බවත් වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා අවධාරණය කර සිටියි.