සැඟව සිටි කාන්තාවන් දෙදෙනෙක් නිරෝධායනයට

0
32

ඇඳිරි නීතිය කි‍්‍රයාත්මක සමයේ කොළඹ සිට යාපනය බලා පැමිණ සැඟව සිටි කාන්තාවන් දෙදෙනෙකු ස්වයං නිරෝධායනයට ලක්කර තිබෙනවා. ආරක්‍ෂක අංශ විසින් මෙම කාන්තාවන් දෙදෙනා සොයාගෙන ඇත්තේ යාපනය පොලීසියට ලද තොරතුරකට අනුවයි.

අනතුරුව ඔවුන් රැදී සිටි යාපනය, නාවල් පාර ප‍්‍රදේශයේ නිවස තුළම ස්වයං නිරෝධායනයට ලක් කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන තිබෙනවා.

ඉකුත් සතියේද මෙලෙසම කොළඹ සිට යාපනයට පැමිණ සිටි පුද්ගලයින් 7 දෙනෙකු ස්වයං නිරෝධායනයට ලක් කළ බව නෙත් නිවුස් වාර්තාකරු සදහන් කළා.