ගත වු පැය 24 තුළ ඉතාලියේ මරණ 627ක්-ඒ අතර වෛද්‍යවරු 17ක්

0
21

කොරෝනා වෛරසය ආසාදිත වීම හේතුවෙන් මේ වන විට ලොව පුරා මරණ 11,383ක් වාර්තා වන අතර ආසාදිතයින් සංඛ්‍යාව දෙලක්ෂ 75,000 ඉක්මවා ගොස් තිබේ.

වැඩිම මරණ සංඛ්‍යාවක් ඉතාලියෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 4,032ක් බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ගත වු පැය 24ක කාලය තුළ පමණක් එරටින් මරණ 627ක් වාර්තා වී ඇති අතර කොරෝනා වෛරසය හේතුවෙන් කිසියම් රටක එක්දිනක් තුළ සිදුවු වැඩිම මරණ සංඛ්‍යාව ව මෙය වීම විශේෂත්වයක්.

ඉතාලියේ මියගිය පිරිස අතර වෛද්‍යවරුන් 17 දෙනෙකු ද වන බව වාර්තා වේ.

එමෙන්ම එරට සෞඛ්‍ය කාර්යය මණ්ඩලයට අයත් පුද්ගලයින් 3,654 දෙනෙකු මේ වන විට කොරෝනා වෛරසයට ගොදුරු වී ඇති බව සදහන්.

ලොව පුරා රටවල් රැසක මේ වන විට කොරෝනා වෛරසය සිඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් පවතින අතර ගත වූ පැය 24ක කාලය තුළ අමෙරිකාවෙන් නව ආසාදිතයින් 5,000කට අධික පිරිසක් හදුනාගෙන තිබේ.

අමෙරිකාවෙන් වාර්තා වන මුළු ආසාදිතයින් සංඛ්‍යාව 19,393ක් වන බව විදෙස් මාධ්යා වාර්තා කළේය.

ඒ අනුව අමෙරිකාවේ ජනගහනයෙන් සියයට 23ක පමණ පිරිසකට බලපැවැත්වෙන පරිදි නිවස තුළ රැදී සිටීමේ නියෝග ප්‍රාන්ත බලධාරීන් විසින් නිකුත් කර තිබේ.

කැලිෆෝනියා, නිව්යෝර්ක් ඇතුළු ප්රාගන්ත කිහිපයකටම මෙලෙස නියෝග නිකුත් කර ඇති අතර පවතින තත්ත්වය හමුවේ ටෙක්සාස් ප්රාහන්ත බලධාරීන් එම ප්රා න්තයට “මහජන සෞඛ්ය ආපදා තත්ත්වයක්” ප්රාකාශයට පත් කිරීමට ද පියවර ගෙන ඇති බව සදහන්.

මෙවැනි ආපදා තත්ත්වයක් එම ප්රා න්තය තුළ ප්රදකාශයට පත් කර ඇත්තේ වසර 100කට පසුව වීම විශේෂත්වයක්.

අමෙරිකාවට අමතරව ජර්මනිය, ස්පාඤ්ඤය, ඉරානය, ප්රංවශය සහ ස්විට්සර්ලන්තය යන රටවලින් ද ගත වු පැය 24ක කාලය තුළ නව ආසාදිතයින් දහස ඉක්මවූ සංඛ්‍යාවක් වාර්තා වී තිබේ.