කොරෝනා වෛරසය වැලදී ඇති බව වසන් කරොත් මාස 6ක සිර දඬුවම්

0
39

කොරෝනා වෛරසය වැලදී ඇති බව වසන් කරමින් සිටි නම් එවැනි පුද්ගලයින්ට මාස 6ක සිර දඬුවම් නියම කරන බව පොලීසිය දැනුම් දෙයි.

පොලිස් මුලස්ථානයේ අද (15) මේ වන පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුවේදි නීති දිශාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ බව පැවසීය.

එමෙන්ම සමාජ ජලා ඔස්සේ අසත්‍ය ප්‍රකාශ පතුරවන පිරිස් සම්බන්ධයෙන්ද නිතීය ක්‍රියාත්මක කරන අතර මේ වන විට එවැනි අසත්‍ය ප්‍රචාර සිදු කර 23දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද ඒ මහතා දැනුම් දුන්නේය.

පුද්ගලික සාද සම්බන්ධයෙන් පොලීසිය කටයුතු නොකරන නමුත් විවාහ උත්සව වැනි කටයුතු වලදි දැඩිව සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීමට දැනුම් දෙන බවද ඒ මහතා පවසයි.