ශ්‍රි ලංකා රජය සහ ජනතාව දැක්වු සහයෝගය චීන තානාපතිවරයාගේ ඇගයුමට

0
43

ශ්‍රි ලංකාවේ තානාපතිවරයා ලෙස කටයුතු කිරීම තමාට ලැබුණු ගෞරවයක් ලෙස සලකන බව ශ්‍රි ලංකාවේ චීන තානාපති චෙන් සුයුවාන් මහතා පවසයි.

ඊයේ (27) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හමුවු අවස්ථාවේ දී ඔහුමේ බව ප්‍රකාශ කර තිබේ.

උසස් වීමක් හේතුවෙන් චෙන් සුයුවාන් මහතා මෙරට තානාපති තනතුරෙන් ඉවත්වන අතර නව තනතුර යටතේ ශ්‍රි ලංකාවට අඛණ්ඩව සහය දෙන බවට ඔහු ජනාධිපතිවරයා වෙත ප්‍රකාශ කළ බව වාර්තා වේ.

කොරෝනා වෛරසය හේතුවෙන් චීනයට එල්ල වු දුෂ්කරම කාලය තුළ ශ්‍රි ලංකා රජය සහ ලාංකික ජනතාව දැක්වු සහයෝගය චීන තානාපතිවරයා විසින් අගය කර ඇත.

තානාපතිවරයාට සුබ පැතු ජනාධීපති ගෝඨාභය රාජපක්ෂ මහතා චීන රජය යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳ අවධානය යොමුකර තිබේ.

පෝට් සිටි අයෝජිකයින් සඳහා විශේෂ පහසුකම් ලබාදෙන බවට ජනාධිපතිවරයා සහතික වී ඇති අතර තවත් වසර 02කින් පමණ පෝට් සිටි ව්‍යාපෘතියේ උස් ගොඩනැගිලි දැකගත හැකි බව චීන තානාපතිවරයා සඳහන් කර තිබේ.