ගුරුවරු අද ලෙඩ වෙති

0
60

වැටුප් විෂමතාව ඇතුළු ඉල්ලීම් 06ක් මුල් කර ගනිමින් ගුරුවරුන්සහ විදුහල්පතිවරුන් සංකේත වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගුරු හා විදුහල්පති වෘත්තිය සමිති පවසයි.

ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ මහතා සඳහන් කළේ වසර ගණනාවක සිට පවතින මෙම වැටුප් ගැටළුවට විසදුම් ලබාදීමට වත්මන් ආණ්ඩුවද කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි.

මෙම එක්දින සංකේත වැඩ වර්ජනය සඳහා ගුරු සංගම් 30ක සහය හිමිවන බව මහින්ද ජයසිංහ මහතා සදහන් කළේය.

කෙසේවෙතත් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසන්නේ එම ගැටලු විසඳීම සඳහා රජය ප්‍රතිපත්තිමය තීන්දු මේ වනවිටත් ගෙන ඇති බවයි.