පළාත් මැතිවරණය පිළිබඳ ඉදිරි තීරණ ගන්න ජූලි 5 වැනිදා පක්ෂ නායක රැස්වීමක්

0
96

පළාත් සභා මැතිවරණය කඩිවමින් පැවැත්වීම සඳහා පාර්ලිමේන්තුව උපරිම උත්සහය දරමින් සිටින බව කථානායක කරූ ජයසූරිය මහතා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා අමාත්‍යවරයා පවසා තිබේ.

පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් අද (28) කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කළේය.

මේ අතර මේ සම්බන්ධයෙන් කථානායක කාර්යාලයද නිකුත් කර තිබේ.

සීමා නීර්ණය වාර්තාව සැකසීමෙන් අනතුරුව ජුලි මාසයේ 5 වන දින පක්ෂ නායක රැස්වීමක් හා විවාදයක් පවත්වා ඉදිරි පියවර ගන්නා බව කථානායක කරූ ජයසූරිය මහතා ප්‍රකාශ කර තිබේ.

මෙහිදී අග්‍රාමාත්‍යතුමන් සහ පක්ෂ නායකවරුන්ගේ ද සහභාගීත්වයෙන් පලාත් සභා මැතිවරණය පිලිබඳව සාකච්ඡාවක් පැවැත්වීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති අතර, අදාළ පාර්ශවයන්සමග සාකච්ඡා කර කඩිනමින් ඊට අවශ්‍ය කටයුතු යොදන බව ද කථානායකවරයා සඳහන් කර තිබේ.

මැතිවරණ කොමිෂන් සභාව වශයෙන් දෙසැම්බර් 30 වන දා වන විට ඡන්ද හිමි නාම ලේඛණ සහතික කිරීමට බලාපොරොත්තු බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද දිනයේ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් විණි.

මෙම සාකච්ඡාව සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා සහ පළාත් සභා සීමා නිර්ණ කමිටුවේ සාමාජිකයන්ද සහභාගී වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here