මරණයෙන් අහවර වු සහෝදර පෙම

0
16

බුලත්කොහුපිටිය ‍පොලිස් වසමේ ඉහළ උඩුව, නාහේන ප්‍රදේශයේ දී තියුණු ආයුධයකින් පහර දී පුද්ගලයෙක් ඝාතනය කර තිබේ.

ඊයේ(15) රාත්‍රී 9.30ට පමණ මෙය සිදුව ඇත.

පහර දීම හේතුවෙන් බරපතළ ලැබු පුද්ගලයා උඩුගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති බවට බුලත්කොහුපිටිය පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 45 ක් වු නාහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මියගිය පුද්ගලයා හා ඔහුගේ සහෝදරයා අතර ඇති වු ආරවුලක් දුරදිග යෑම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි අනාවරණය වී ඇත.

සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර අත්අඩංගුවට ගැනීම සඳහා බුලත්කොහුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.