බෑනාගේ තියුණු ආයුධ පහරින් නැන්දණිය මරු

0
12

ජා ඇල පොලිස් වසමේ තුඩැල්ල ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් කපා කොටා කාන්තාවක් ඝාතනය කර ඇති බව ජා ඇල පොලීසිය පවසයි.

ඊයේ(13) රාත්‍රී 9.00ට පමණ මෙම ඝාතනය සිදුව ඇති බව වාර්තා වෙයි.

පවුල් ආරවුලක් දුර දිග යෑම හේතුවෙන් මියගිය කාන්තාවගේ දියණියගේ ස්වාමිපුර්ෂයා විසින් මෙම ඝාතනය සිදු කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

මෙම ඝාතනය සිදුකළ පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බව වාර්තා වෙයි.

මෘත ශරීරය පොලිස් ආරක්ෂාව යටතේ ස්ද්ධිය වූ ස්ථානයේ ඇති අතර අද(14) මහෙස්ත්‍රාත් පරික්ෂණය සිදුකිරීමට නියමිතව තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජා ඇල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.