ගල්කිස්සේ ගණිකා නිවාසයක් වටලයි

0
10

ගල්කිස්ස පොලිස් වසමේ රත්මලාන ප්‍රදේශයේ දී ගල්කිස්ස පොලිස් නිලධාරීන් විසින් ගණිකා නිවාසයක් වටලා තිබේ.

ඊයේ(13) සවස 5.45 ට පමණ ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් සෝදිසි වරෙන්තුවක් මත ආයුර්වේද සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය මෙය වටලා තිබේ.

එහිදී ගණිකා නිවාසයක් කළමනාකරණය කිරීම සම්බන්ධයෙන් සැකකාරියන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් සැකකාරියන් අද(14) ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.