ඇවන්ගාඞ් සභාපති ළඟත් ආන්දෝලනාත්මක හඬපට තොගයක්

0
63

ආන්දෝලනාත්මක හඬපට තොගයක් තමන් සතුව ද ඇති බව ඇවන්ගාඞ් සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපතිගේ නිල ෆේස්බුක් ගිණුමේ සදහන් කර තිබෙනවා. එහි දැක්වෙන්නේ පසුගිය යහපාලන රජයේ ඇතැම් අමාත්‍යවරුන් සහ ඔවුන්ගේ සමීපතමයින් තමාගෙන් අයුතු ලෙස කප්පම් මුදල් විශාල ප්‍රමාණයක් ලබාගෙන ඇති බවයි.

සිය බිරිද සහ දරුවා රක්‍ෂිත බන්ධනාගාර ගත කරන්නේ යැයි භීතියට පත් කර රුපියල් මිලියන 500 ක මුදලක් තමාගෙන් ලබාගෙන ඇති බවද එහි සදහන් කර තිබෙනවා. තමන්ට තවත් රන්ජන් රාමනායක කෙනෙකු වීමට අවශ්‍ය නොමැති බවත් තමන් ආචාර ධර්ම අනුව ජීවත් වන බවත් ඔහුගේ ෆේස්බුක් ගිණුමේ සදහන්. යහපාලන ආණ්ඩුවේ ඇතැම් දේශපාලනඥයින් තමන්ගෙන් කප්පම් ලෙස ලබාගත් මුදලින් කොටසක් සිය නිවසට ගෙනවිත් භාරදී ඇති බවද එහි වැඩිදුරටත් සදහන් වනවා.