O/L අපේක්ෂකයින්ට හැඳුනුම්පත් ගන්න විශේෂ වැඩපිළිවෙලක්

0
71

මේ වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අපේක්ෂකයින්ට ජාතික හැඳුනුම්පත් ලබාගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කර තිබේ.

ලබන මාර්තු මස 31 දිනට පෙර ජාතික හැඳුනුම්පත් ලබා ගැනිම සඳහා වන අයදුම්පත්‍ර යොමු කරන ලෙස පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක මහතා දැනුම් දෙයි.

අදාල ඉල්ලුම් පත්‍ර බත්තරමුල්ලේ පිහිටි එම දෙපාර්තමේන්තුව ප්‍රධාන කාර්යාලය වෙත හෝ දකුණු, වයඹ, උතුරු සහ නැගෙනහිර පළාත්වල පිහිටි පළාත් කාර්යාල වෙත භාරදිය හැකි වෙයි.