විදුලිබල මණ්ඩලයේ මේ වසරට පාඩුව මිලියන 120 ඉක්මවයි

0
69

මේ වසරේ විදුලිබල මණ්ඩලයේ පාඩුව රුපියල් කෝටි 12,000 ඉක්මවනු ඇති බව මගී ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ සිය අමාත්‍යාංශය යටතේ ඇති ආයතන ලබන පාඩුව අවම කර ගැනිමට හැකි වුවහොත් රටේ ආර්ථික ගැටළුවට විශාල ශක්තියන් වනු ඇති බවයි.

ඊයේ(01) කොළඹ පැවැති උත්සවයකට එක්වෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පල කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා පවසා සිටියේ, අමාත්‍යාංශය සතු ආයතන ගොඩ නඟනවා යනු මුළු රටම ගොඩනැගීම වැනි කරුණක් බවයි.

විදුලිබල කේෂ්ත්‍රය, ඛනිජ තෙල් කේෂ්ත්‍රය හා දුම්රිය මෙන්ම ලංගමය නිසි ලෙස ගොඩ නඟා ගැනීම තුළ මෙය සාර්ථක කළ හැකි බවත් අමාත්‍යවරයා පැවසීය.

දුම්රිය දෙපාර්තමේන්තුවේ ද මේ වසර තුළ මිලියන 8 කට වැඩි පාඩුවක් සිදු වන ඇතැයි ගණන් බලා ඇතැයි ද පැවසු අමරවීර මහතා ජනතාවගේ කරපිට මෙම බර පටවන්නේ නැතිව මෙම කරන ආකාරය ගැන මේ වන විට සැලසුම් කිරීමේ අවශ්‍යතාවය මතුව ඇතැයි ද කියා සිටියේය.