ටින් මාළු භාවිතය සීග්‍රයෙන් පහලට

0
214

මෙරට අලෙවි කරන ටින් මාළු වල පරපෝෂිතයෙකු සිටිතැයි යන පුවත මාධ්‍ය මගින් ප්‍රචාරය වීමත් සමඟ මෙරට ටින් මාළු අලෙවිය ශීඝ්‍ර ලෙස පහළ ගොස් ඇතැයි වෙළදපොල ආරංචි මාර්ග කියයි.

මෙම පරපෝෂිතයන් ආහාරයට ගැනීම මිනිස් සිරුරට විෂ සහිත නොමැති මුත් ඒ සම්බන්ධයෙන් ඇති පිළිකුල මුල් කොට බොහෝ දෙනෙකු ටින් මාළු ආහාරයට ගැනීමෙන් වැලකී සිටින බව වාර්තා වේ.

මේ අතර ටින්මාළු ආහාරයට ගැනීම නිසා උදර වේදනාව වමනය ක්ලාන්තය ආදී රෝග ලක්ෂණ ඇතුමුන් තුළ පහළ වී වෛද්‍යවරුන් හමුවට යන බවටද වාර්තා ලැබී ඇති මුත් ඒ හුදෙක් මානසික බලපෑම නිසා බව වෛද ආරංචි මාර්ග පවසයි.

කෙසේ හෝ ටින් මාළු කෙරෙහි පාරිභෝගිකයන් දක්වන පසුබෑම මෙරට ධීවර කර්මාන්තය කෙරෙහි යහපත් අයුරින් බලපෑ හැකි බවද වෙළඳ පොළ ආරංචි මාර්ග පෙන්වා දෙයි.