කොදෙව්වන් සමග දෙවන දිනය අදයි

0
381

ශී‍්‍ර ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් කි‍්‍රකට් තරගයේ දෙවන දිනය අදයි. සිය පළමු ඉනිම කි‍්‍රඩා කරන
ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුලූ 5 ක් දැවී ලකුණු 99 රැස්කර ගෙන සිටියා.

ශී‍්‍ර ලංකා පිලේ මුල් කඩුලූ 02 ලකුණු 16ක් තුළ බිඳ වැටුණා. පසුව ශී‍්‍ර ලංකා පිලට යම් ජිවයක් හෝ ලබා දුන්නේ ධනුෂ්ක ගුණතිලක ලකුණු 29ක් සහ කුසල් මෙන්ඩිස් ලකුණු 22ක් රැස්කරමින්. වේග පන්දු යවන්නන් වන කෙමා රොච් සහ ෂැනොන් ගේබි‍්‍රල් අතරේ කඩුළු 02 බැගින් බෙදී ගියා.

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ පළමු ඉනිම ලකුණු 204කට සීමා වුණා. දක්ෂ පන්දු යැවිමක නිරත වූ ලහිරු කුමාර කඩුළු 04ක් බිඳ හෙලූවා. කසුන් රාජිත කඩුළු 03ක් සහ සුරංග ලක්මාල් කඩුළු 02 බැගින් බිඳ හෙලීමට සමත්වුණා.