මත්පැන් බොන්න සල්ලි ඉල්ලා අමනාප වූ පියා පුතාව මුහුදට විසි කරලා

0
335

මත්පැන් පානයට සිය බිරිද මුදල් නොදුන් කෝපයට පත්ව සිය තුන් හැවිරිදි එකම පුතුව ඔසවා මහ මුහුදට විසි කළ තරුණ පියෙකු ඊයේ ( 24 )දහවල් අත් අඩංගුවට ගත් බව මාරාවිල පොලිසිය කියයි.

මහවැව උතුරු තොඩුවාව ප‍්‍රදේශයේ පදිංචි සැකකරු අධික ලෙසින් මත්පැන් පානයට යොමුවි සිටි අතර ඔහු ධීවර රැකියාව කරණ අයෙකු බවත් පොලිසිය කියයි.

සැකකරු ඊයේ( 24 ) දහවල් මත්පැන් පානය කර නිවසට පැමිණ තවත් මත්පැන් පානයට බිරිඳගෙන් මුදල් ඉල්ලා ආරාවුලක් ඇති කර ගත් බවත් පොලිසිය සඳහන් කරයි.

එම බිරිඳ තම ස්වාමි පුරුෂයාගේ ඉල්ලීම ඉටු කිරිම ප‍්‍රතික්ෂේප කළ අතර ඉන් කෝපයට පත්ව ගෙදර තිබු භාණ්ඩ කිහිපයකට අලාභහානි කර කෝපයෙන් වියරු වැටි තුන් හැවිරිදි තම එකම පුතාව ඔසවා ගෙන ආසන්නයේ තිබු මහ මුහුද කරා ගොස් බිරිඳට රිදවිම පිණිස දරුවාව මුහුදට විසි කර ඇති බවත් පොලිසිය පවසයි.

දරුවාගේ හා බිරිඳගේ කෑගැසීම ඇසි එම ස්ථානයට පැමිණ පිරිසක් වහා මුහුදට පැන දියේ ගිලෙමින් සිටි දරුවා ගොඩ ගෙන වහාම අසාධ්‍යය තත්ත්වයේ සිටි දරුවා වෛද්‍ය ප‍්‍රතිකාර පිණිස මාරාවිල මුලික රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කියයි ගදරුවාගේ තත්ත්වය බිය විමට කරුණක් නොවන බව රෝහල් ආරංචි මාර්ග කියයි.