තියෙන තනතුරු බෙදා ගෙන ඉස්සරහට යනවා-කිරිඇල්ල

0
35

පාර්ලිමේන්තුව මාසයක පමණ කාලයක් කල් තැබීම ගැටළු සහගත තත්වයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පවසයි.

මහනුවර පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරුදෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා පවසා සිටියේ, සියලු දෙනා සමඟි වී තියෙන තනතුරු බෙදා ගෙන පක්ෂයක් ලෙස ඉදිරියට යෑමට බලාපොරොත්තු වන බවයි.

විපක්ෂනායක ධූරය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දුන් බවත්, පාර්ලිමේන්තුව කැඳවීමෙන් අනතුරුව විපක්ෂ නායක ධූරය ප්‍රකාශයට පත් කරන බවත් මන්ත්‍රීවරයා පැවසීය.

ජනවාරි 3 වන දින පාර්ලිමේන්තුව රැස්වීමෙන් පසුව රාජසන කථාව පැවැත් වෙන බවත්, ඉන් අනතුරුව පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව සජිත් ප්‍රේමදාස මහතාගේ පත්වීම ගැන පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇතැයි ද කිරිඇල්ල මහතා කියා සිටියේය.

පාර්ලිමේන්තුව කල්දමා ඇත්තේ ඇයි දැයි ප්‍රහෙලිකාවක් බවත් පැවසු ඒ මහතා, කෝප් වාර්තාව සැඟවීමට මෙවැනි දෙයක් සිදු කර ඇතැයි සමහරු පවසන බවත් සඳහන් කළේය.

මාසයක් වැනි කාලයක් කල්දැමීම විශාල කාලයක් බවත් පැවසු කිරිඇල්ල මහතා, රටේ ප්‍රශ්නයක් ඇති වුවහොත් ඒ ගැන කථා කිරීමට පාර්ලිමේන්තුව තිබිය යුතු බවද පැවසීය.