කොළඹ කුණුවලට අරුවක්කාලුවේ දී විරෝධය

0
31

කොළඹ සිට අරුවක්කාලු කසළ අංගනයට බැහැර කිරීම සඳහා කසළ රැගෙන ආ ලොරි රථ පෙළකට පුත්තලම වනාතවිල්ලුව ප්‍රදේශයේදී අද(09) අළුයම ප්‍රදේශවාසීන්ගේ විරෝධය එල්ල විය.

මෙලෙස විරෝධය එල්ලවුණේ දින දෙකක් පුරා කසළ අංගනයට එරෙහිව විරෝධතාවයේ නිරතවූ පිරිසකගෙන්.

පුත්තලම අරුවක්කාලු කසළ අංගනයට කසළ බැහැර කිරීමට විරෝධය පළ කරමින් ප්‍රෙද්ශවාසීන් පිරිසක් වනාතවිල්ලුව ප්‍රාෙද්ශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට පසුගිය 7 වනදා සිට විරෝධතාවයේ නිරත වෙයි.

මේ අතර අද අලුයම කොළඹ සිට අරුවක්කාලුවට කසළ රැගෙන යමින් තිබූ කසළ ලොරි පෙළකට විරෝධතාකරුවන්ගේ විරෝධයක් එල්ල වී තිබේ.

අනතුරුව ධීවර හා මිරිදිය මත්ස්‍ය කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා මින් පසු අරුවක්කාලුවට කසළ බැර නොකිරීමට වගබලා ගන්නා බවටත් මෙම කසළ ලොරි පෙළට පමණක් කසළ අංගනයට ඇතුළු වීමට ඉඩ දෙන ලෙසටත් කළ ඉල්ලීමකට අනුව පිරිසෙන් ලොරි පෙළට එල්ලවූ විරෝධය අවසන් විය.