ශ්‍රී පාද සමය ‍අනිද්දායින් ඇර‍ඹෙයි

0
20

මෙවර ශ්‍රි පාද සමය ආරම්භ කරමින් සධාතුක කරඬුව සහ දේව ප්‍රතිමාව ශ්‍රි පාද උඩමළුව වෙත රැගෙන යාම හෙට සිදුකරයි.

ඒ අනුව අද(09) පස්වරුවේ සිට හෙට අළුයම දක්වා පැල්මඩුල්ල ගල්පොත්තාවල ශ්‍රිපාද රජමහා විහාරස්ථානයේ තැන්පත් කර ඇති සමන් දේව ප්‍රතිමාව සඳහා පුදපූජා පැවැත්වීමේ අවස්ථාව බැතිමතුන්ට හිමි වෙයි

මීට අමතරව සමන් දේව ප්‍රතිමාව වැඩම කරවීම ද හෙට දිනයේ සිදුකරයි.

උඳුවප් පොහොය අනිද්දා දිනට යෙදී ඇති අතර ඒ සමඟම ශ්‍රි පාද වන්දනා සමය ආරම්භ කෙරෙනු ඇත.

මාස 06 ක කාලයක් ශ්‍රි පාද වන්දනා සමය ලෙස සැළකෙයි.

ශ්‍රි පාද වන්දනා සමය එළඹෙන වෙසක් පෝය දිනයෙන් අවසන් වීමට නියමිතයි.

ශ්‍රි පාද වන්දනා සමය වෙනුවෙන් පැල්මඩුල්ල ප්‍රාදේශිය ලේකම්වරයා විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

එහිදී ප්‍රධාන කරුණු 08ක් සඳහන් කර ඇති අතර පැල්මඩුල්ල නගරයේ සිට ශ්‍රි පාද විහාර භූමිය දක්වා ආධාර එකතු කිරීම සම්පුර්ණයෙන්ම තහනම් වනු ඇත.

එමෙන්ම විහාර භූමිය හා අවට මාර්ගයේ විදුලි ලාම්පු සවි කිරීම ලංකා විදුලි බල මණ්ඩලයට හා පැල්මඩුල්ල ප්‍රාදේශිය සභාවටත්, සනීපාරක්ෂක කටයුතු සහ අපද්‍රව්‍ය ඉවත් කිරීම පැල්මඩුල්ල ප්‍රාදේශිය සභාවට හා සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී කාර්යාලවලටත් පවරා දි තිබේ.