නව ජනපති ධූරයේ වැඩ භාර ගනී

0
12

හත් වන විධායක ජනාධිපති ලෙස දිවුරුම් දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) එළඹුණු සුබ මොහොතින් සිය ධූරයේ වැඩ භාර ගත්තා.

ඒ, ජනාධිපති ලේකම් කාර්යාලයේදීයි.

සරල කෙටි උත්සවයකින් එම කටයුතු සිදු කිරීමටයි සැලසුම් කර තිබුණේ.

නව ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ධුරයේ වැඩ භාර ගැනීමේ අවස්ථාවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ නියෝජිතයින්ද එක්ව සිටියා.

ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා සිය ධුරයේ වැඩ භාර ගනිමින් පළමු රාජකාරිය ලෙස ආචාර්ය පී. බී. ජයසුන්දර ජනාධිපති ලේකම්වරයා ලෙස අද පෙරවරුවේ පත් කරනු ලැබුවා.