මඩ පෝස්ටර් තොගයක් අත්අඩංගුවට

0
22

මැතිවරණ දිනයේ ඇලවීම සඳහා සුදානම් කර තිබු මඩ පෝස්ටර් තොගයක් හලාවත මාදම්පේ ප්‍රදේශයේ නිවසක තිබියදී මාදම්පේ පොලීසිය විසින් (15) අත්අඩංගුවට ගෙන ඇත.

මාදම්පේ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතාට ලැබුණු තොරතුරක් මත මේ අත්අඩංගුවට ගැනීම සිදු කර තිබේ.

පාස්කු ප්‍රහාරය හා ජනතා විමුක්ති පෙරමුණට අදාළ සිදුවීම් කීපයක් මේ පෝස්ටර්වල දක්නට ලැබෙයි.

පෝස්ටර් සමඟ අත්අඩංගුවට පත් සැකකරු ඊයේ(14) හලාවත මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට
නියමිතයි.

හලාවත රථවාහන අංශය භාර සහකාර පොලිස් අධිකාරි ගාමිණි හල්ලව මහතාගේ උපදෙස් පරිදි මාදම්පේ පොලිස් ස්ථානාධිපති වසන්ත කුමාර මහතා ඇතුළු නිලධාරීන් පිරිසක් මේ පිළිබද වැඩිදුර පරීක්ෂණ පවත්වයි.