සුගතදාසේ සම්මේලනයට ගිය ආසන සංවිධාකයින් තනතුරුවලින් ඉවත් කරනවා-රෝහණ ලක්ෂ්මන්

0
14

ශ්‍රී නිදහස් පක්ෂය සුරැකීමේ සංවිධානය පසුගියදා සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවත්වූ සම්මේලනයට සහභාගී වූ ආසන සංවිධාකයින් එම තනතුරුවලින් ඉවත් කර තාවකාලික සංවිධායකවරුන් පත් කිරීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වැඩබලන සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පවසයි.

මහනුවරදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

මේ මොහොතේ ප්‍රමුඛතාව ලබා දී ඇත්තේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කරවීම බවත් ඒ මහතා වැඩිදුරටත් පැවසීය.