මීගොඩ FB සාදය පොලීසිය වටලයි

0
17

මීගොඩ හෝටලයක පවත්වාගෙන ගිය ෆේස්බුක් සාදයක් වටලා සැකකරුවන් 30ක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

තරුණයන් 21ක් හා තරුණියන් 9ක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

අද අලුයම මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට පත් සියලුම සැකකරුවන් නීති විරෝධී මත්ද්‍රව්‍ය පානය කර සිටි බව පොලීසිය පවසයි.

අවුරුදු 18-25 අතර වයස්හි පසුවන සැකකරුවන් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සන්තකයේ ගංජා ග්‍රෑම් 70ක් හා හෂීස් මිලි ග්‍රෑම් 200 ක්ද තිබූ බව පොලීසිය පවසයි.