පැල්මඩුල්ලේ දී පොහොට්ටුවේ ආධාරකරුවන්ට ප්‍රහාරයක්

0
101

පැල්මඩුල්ල නගරෙය් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සංවිධාන කර තිබූ රැළියකට සහභාගී වූ ආධාරකරුවන් පිරිසකට පහරදීමක් සිදුව ඇත.

ඊයේ පස්වරුවේ මෙම පහරදිම සිදුව ඇති බවයි පැල්මඩුල්ල පොලීසිය සඳහන් කළේ.

පහරකෑමෙන් තුවාල ලැබූ පුද්ගලයින් දෙදෙනෙකු ප්‍රතිකාර සඳහා රත්නපුර සහ ඇහැලියගොඩ යන රෝහල්වලට ඇතුළත් කර ඇත.

අදාල පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂයේ පැල්මඩුල්ල ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපතිවරයෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

මේ අතර ජනාධිපතිවරණය ළංවීමත් සමඟ දේශපාලන වේදිකාව ද උණුසුම් මුහුණුවරක් ගෙන ඇත.