රාවණ මහරජ විවරණය කෘතිය ජනගත කෙරේ

0
15

හින්දු බෞද්ධ ආගමික සංහිදියාව සහ රාවණ මහරජ විවරණය කෘතිය ජනගත කිරීම ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදුවුණා.

ඒ කොළඹ ජාතික කෞතුකාගාර ශ‍්‍රවනාගාරයේදී. කැළණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනයේ සහ ඉතිහාස අධ්‍යයන අංශයේ කථිකාචාර්යවරුන් මෙම කෘතිය සම්පාදනය කර තිබෙනවා. ඒ විහාරස්ථාන සහ දේවාල 160 ක දත්ත ඇතුලත් කරමින්. 19 වන සියවස අවසන් වනතුරු ශ්‍රී‍්‍ර ලංකාවේ රජ කළ රජවරුන් හා මහජනයා අතර සම්බන්ධය ද මෙම කෘතිය මගින් සාකච්ඡා කිරිම විශේෂත්වයක්. කෘතියේ මුල් පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම එහිදී සිදුවූ බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.