පළා යාමට උත්සාහ කළ සැකකරුවෙකුට බන්ධනාගාර නිලධාරීන්ගෙන් වෙඩි

0
14

පළා යාමට උත්සාහ කළ සැකකරුවෙකුට බන්ධනාගාර නිලධාරීන් වෙඩිතබා තිබෙනවා.

තුවාල ලැබූ සැකකරු රෝහල්ගත කළ බවයි අප වාර්තාකරු පවසන්නේ. මෙලෙස පැන යාමට උත්සාහ දරා ඇත්තේ විවෘත වරෙන්තුවක් මගින් අත්අඩංගුවට ගෙන කැකිරාව දිසා මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවෙක්. ඔහු අධිකරණ ශාලාවේ රඳවා සිටි සිරමැදිරියෙන් වහළට නැඟ පළායාමට උත්හාස දරා තිබෙනවා. මීටපෙර අවස්ථාවකදී ද සැකකරු බන්ධනාගාරයෙන් පළාගොස් ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ. පැය 4 කට පමණ පසු එම සැකකරු අත්අඩංගුවට ගැනීමට නිලධාරින් සමත් වුණා.