ශ්‍රීලනිපයට වැඩබලන සභාපතිවරයෙක්

0
16

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා ලෙස මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පත් කර බව පක්ෂ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතා පවසයි.

මෙම පත්කිරීම ජනාධිපතිවරණය අවසන් වනතුරු වලංගු වන බව මන්ත්‍රීවරයා සඳහන් කළේය.

ජනාධිපතිවරණ කටයුතු ස්වාධීනව පවත්වාගෙන යාම සදහා පක්ෂ සභාපති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා විසින් රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා වැඩ බලන සභාපතිවරයා ලෙස පත් කළ බවත් ඒ මහතා පැවසීය.

මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති ලෙස කටයුතු කරයි.