රග්බි ලෝක කුසලානය ජපානයේ දී

0
16

2019 රග්බි ලෝක කුසලාන තරගාවලිය සැප්තැම්බර් මස 20 වැනිදා ජපානයේදී ආරම්භ වෙයි.

රග්බි ලෝක කුසලානයක් ආසියානු රටක පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයක්.

9 වන ලෝක කුසලාන රග්බි තරගාවලිය මේ වසරේ සැප්තැම්බර් මස 20 වැනිදා සිට නොවැම්බර් 02 වැනිදා දක්වා ජපානයේදී පැවැත්වීමට නියමිතයි.

ජපානයේ ක්‍රීඩාංගණ 12කදී තරග 48ක් පැවැත්වීමට නියමිත අතර තරගාවලිය සඳහා රග්බි කණ්ඩායම් 20 සහභාගී වෙයි.

ඔවුන් එක් කාණ්ඩයකට කණ්ඩායම් 5 බැගින් ඇතුළත්වන ආකාරයට කාණ්ඩ 5ක් යටතේ මෙහිදී තරග වදින අතර තරගාවලියේ පළමු තරගය සත්කාරක ජපානය සහ රුසියාව අතර පැවැත්වීමට නියමිතයි.

ආසියාව නියෝජනය කරමින් සහභාගීවන එකම කණ්ඩයාම වන්නේද ජපානයයි.

අවසන් වරට 2015 වසරේ පැවැති රග්බි ලෝක කුසලාන තරගාවලියේ ශූරතාවය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම රග්බි ලෝක කුසලාන 3ක් තමන් සතු කර ගැනීමට සමත් වී තිබේ.

ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව රග්බි ලෝක කුසලාන 2කට හිමිකම් කියද්දී එංගලන්තය දිනා ගෙන ඇත්තේ එක් රග්බි ලෝක කුසලානයක් පමණයි.