අනිවාර්යයෙන්ම හිස්බුල්ලා හිරගෙට යන්න ඕනේ-රතන හිමි

0
19

නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්.හිස්බුල්ලා මහතාට. සෞදි අරාබියෙන් මුදල් ලබාදීම සම්බන්ධයෙන් වන නඩුව විශේෂ නඩුවක් සේ සලකා ඉක්මණින් එහි කටයුතු ආරම්භ කරන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ඉල්ලීමක් කරයි.

ඊයේ (27) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උන්වහන්සේ අවධාරණය කළේ කිසිසේත්ම බැටිකලෝ කැම්පස් ආයතනය විවෘත කිරීමට ඉඩ නොදෙන බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් රතන හිමියන් කියා සිටියේ, හිස්බුල්ලා මහතාගේ කෝටි එක්දාහස් 700 ගණනක මුදලක් ඔහුගේ ගිණුම්වල ඇති බවත්, ඒ මුදල් ලබා ගත් ආකාරය ගැන
ගිණුම් වාර්තා සහිතව නඩුවක් ගොනු කර තිබු බවයි.

මේ නඩුව අධිකරණය තුළ විමර්ශනය කරන්නේ නැත්තේ යනුවෙන් ප්‍රශ්න කර සිටි උන්වහන්සේ, ත්‍රස්තවාදය සඳහා අවශ්‍ය පදනම සවුදියේ මුදල්වලින් නිර්මාණය වු බවත් කියා සිටියේය.

මේ මුදල් සම්බන්ධයෙන් තිබෙන ගැටළුව 2017 දී අගමැතිවරයා විසින් විශේෂ මුදල් පනතක් ලෙස විදේශීය මුල්‍ය පනත සම්මත කළ බවත් පැවසු රතන හිමියන්, මෙම පනතේ ඇති ද්‍රෝහිකම හේතුවෙන් අද දවසේ හිස්බුල්ලා ගෙන එන කිසිදු මුදලක් ගැන සොයා ගැනීමට නොහැකි වු බව පැවසිය.

ත්‍රස්ත විමර්ශන ඒකකය පවසන ආකාරයට මෙම ගිණුම තුළ මේ මොහොතේ ඉතිරිව ඇත්තේ රුපියල් 36,298 ක් පමණක් බවත් පැවසු රතන හිමියන්, මේ කාලය තුළ කෝටි 444 ක මුදල් එළියට ගෙන ඇතැයි ද සඳහන් කළේය.

මෙම නඩුව විශේෂ නඩුවක් ලෙස විභාග කිරීම ආරම්භ කරන ලෙසද රතන හිමිහන් පවසා සිටියේය.

ප්‍රශ්නය
ඔබවහන්සේලා කොච්චර කතා කළත් ජනවාරි බැටික්ලෝ කැම්පස් එක විවෘත කරනවා කියලා තමයි ඔවුන් කියන්නේ දිගින් දිගටම ?

හිස්බුල්ලාට ඕන විදියට කැම්පස් විවෘත කල හැකි නම් මෙය රටක් නොවන බවත්, ජනවාරියේ මෙය කිසිසේත් ආරම්භ කිරීමට ඉඩ නොදෙන බවත් උන් වහන්සේ මෙයට පිළිතුරු දෙමින් පැවසීය.

සිදුව ඇති මුදල් වංචා සම්බන්ධයෙන් නිසැකයෙන්ම හිස්බුල්ලා සිරගත විය යුතු බවද රතන හිමියන් කියා සිටියේය.