ගණිකා නිවාසයක් වටලයි-සිව්දෙනෙක් අත්අඩංගුවට

0
125

ගල්කිස්ස ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථානයක මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමණාකරු හා ගණිකා වෘත්තියේ යෙදීමට රැඳී සිටි සැකකාරියන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු වයස අවුරුදු 35ක අයෙක් වන අතර සැකකාරියන් වයස අවුරුදු 22, 34, 36 යන වයස්වල පසුවන්නන්ය.

මෙම පිරිස අද (09) ගල්කිස්ස ගරු මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.