නිවාඩුවට බදුලු යන්න තවත් දුම්රියක්

0
166

අගෝස්තු පාසල් නිවාඩුවට බදුල්ල බලා යෑම සඳහා විශේෂ දුම්රියක් යෙදවීමට දුම්රිය දෙපාර්තමේන්තුව කටයුතු කර ඇත.

විශේෂයෙන් පාසල් නිවාඩු සමයේ උඩරට සංචාරය සඳහා දෙස් විදෙස් සංචාරකයන්ගෙන් දුම්රියට විශේෂ ඉල්ලුමක් පවතී.

මෙම නිසාම විශාල මගී තදබදයක් ඇතිවේ.

එම කරුණු සැලකිල්ලට ගනිමින් කොළඹ කොටුව සිට බදුල්ල දක්වා අගෝස්තු 06 දින සිට S-12 වර්ගයේ ද්විත්ව බලවේග කට්ටලයක් ධාවනය කෙරේ.

අගෝස්තු 06 දින පෙරවරු 07.05ට කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන අතර එම දුම්රිය පසුදින පෙරවරු .07.30 ට බදුල්ල සිට කොළඹ කොටුව බලා ධාවනය වේ.

මෙම විශේෂ දුම්රිය ඉහල පහල ගමන් ගන්නේ ඉරට්ටේ දිනවල බදුල්ලටත්, ඔත්තේ දිනවල කොළඹටත්ය.

එමෙන්ම මේ දුම්රිය රාගම-ගම්පහ-වේයන්ගොඩ-මීරිගම-පොල්ගහවෙල-රඹුක්කන-ඉහළකෝට්ටේ-කඩුගන්නාව-පේරාදෙණිය-මහනුවර-ගම්පොළ-නාවලපිටිය-හැටන්-තලවකැලේ යන දුම්රිය ස්ථානවල නවත්වන අතර හැටන් සිට බදුල්ල දක්වා ප්‍රධාන දුම්රිය ස්ථානවල පමණක් නවත්වනු ලැබේ.

මෙම විශේෂ දුම්රියට අමතරව කොළඹ කොටුවෙන් බදුල්ල දක්වා පෙරවරු.05.55 ධාවනය වන දුම්රියත්, පෙරවරු .08.30ට ධාවනය වන දුම්රියත් පෙරවරු.09.45ට ධාවනය වන දුම්රියත් පස්වරු.08.00 ධාවනය වන රාත්‍රී තැපැල් දුම්රියත් එලෙසම ධාවනය වේ.

එමෙන්ම බදුල්ලේ සිට පෙරවරු.05.45ට කොළඹ කොටුව දක්වා ධාවනය වන දුම්රියත් පෙරවරු.08.30ට ධාවනය වන දුම්රියත් පෙරවරු .10.00ට ධාවනය මන දුම්රියත් පස්වරු 05.50ට බදුල්ලෙන් ගමන් ආරම්භ කරන තැපැල් දුම්රියත් වෙනසකින් තොරව එලෙසම ධාවනය සිදු කෙරේ.