බුද්ධි සේවාව ප්‍රතිව්‍යුහ ගතකළ යුතුයි-අගමැති

0
80

බුද්ධි සේවාව ප්‍රතිව්‍යුහ ගතකළ යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙන්නේ විදෙස් රටවල මෙන් මෙරට ආරක්ෂක නිතී රීති ද සංශෝධනයට ලක්විය යුතු බවයි.

මාතර ඊයේ (21) පැවති 97 වන ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම් උත්සවයට සහභාගීවෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම අදහස් පළ කළේය.

දැනට පවතින නීති ප්‍රමාණවත් නොවන බැවින් ත්‍රස්තවාදය යළි මෙරට තුළ ඇති නොවීම සඳහා අවශ්‍ය නව නීති ඉදිරියේදී ගෙන ඒමට අපේක්ෂා කරන බවද එහිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

LTTE ත්‍රස්තයන්ට මුහුණ දුන් ආකාරයට ISIS ත්‍රස්තයන් පරාජය කළ නොහැකි බවත් එ් සඳහා නව නීති අවශ්‍ය බවත් අග්‍රාමාත්‍යවරයා පැහැදිලි කළේය.

වර්තමානයේ තිබෙන නීති ප්‍රමාණවත් බව පැවසුවද මෙවැනි ත්‍රස්තවාදයක් හමුවේ නව නීතිවල අවශ්‍යතාවක් පවතින බවද අග්‍රමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.