හොයාගන්න බැරිවුන අර්ජුන් මහේන්ද්‍රන් HSBC බැංකුවේ ලොක්කෙක් වෙලා

0
318

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ සිටින බවට එරට පොලීසිය ශ්‍රී ලංකා පොලිසිය වෙත දන්වා එවා තිබුන. රජයේ අතිරේක සොලිසිටර් ජෙනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා ඉකුත් මස 24 වනදා කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය හමුවේ දැනුම් දුන්නේය.

ඒ මහතා සම්බන්ධයෙන් නිකුත් කළ විවෘත වරෙන්තුවට අනුව ජාත්‍යන්තර පොලිස් සම්බන්ධීකරණ කාර්යාලය (ඉන්ටර්පෝල්) රතු නිවේදනයක් නිකුත් කර ඇති බවත් ඔහු මෙරට සම්භවයක් ඇති සිංගප්පූරු පුරවැසියකු බැවින් මෙරටට ගෙන්වා ගැනීම අභ්‍යන්තර පියවර ගනිමින් සිටින බවටත් අධිකරණය හමුවේ තහවුරු විය.

මෙලෙස රතු වරෙන්තු නිකුත් වී ඇති අර්ජුන මහේන්ද්‍ර මහතා සිංගප්පුරුවේ HSBC බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂක ලෙස පත්කර ඇති බවද මේ වන විට වාර්තා වේ.ඒ පිළිබද සාක්ෂියක් ලෙස හමුවුයේ ඔහුට අදාළ HSBC බැංකුවේ Visiting Card එකකි.එය පහතින් දැක්වේ.