ව්‍යාජ ආයුර්වේද මධ්‍යස්ථානයක් වටලා සැකකරුවෙකු අත්අඩංගුවට

0
79

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි නොවි ආයුර්වේද වෛද්‍යවරයෙකු වශයෙන් පෙනි සිටිමින් හැටන් නගරයේ ආයුර්වේද මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය ව්‍යාජ වෛද්‍යවරයෙකු හැටන් පොලීසිය මගින් අද (10) අත්අඩංගුවට ගෙන ඇත.

ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වි ඇති ආයුර්වේද වෛද්‍යවරයෙකුගේ ලියාපදිංචි අංකය යටතේ සැකකරු හැටන් බස් නැවතුම්පොළ භුමියේ මෙම ආයුර්වේද මධ්‍යස්ථානය කාලයක් තිස්සේ පවත්වාගෙන ගොස් ඇති බවයි හැටන් පොලීසිය විසින් සිදු කරන ලද මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත්තේ.

අස්ථි බිදිම් ඇතුළු විවිධ රෝග සදහා ආයුර්වේද ප්‍රතිකාර සැකකරු විසින් සිදු කර ඇති අතර ප්‍රතිකාර ලබා දිම සදහා සැකකරුගේ වෛද්‍ය මධ්‍යස්ථානයේ තිබි ප්‍රතිකාර ලබා දිම සදහා උපයෝගි කරගත් උපකරණ සහ ආයුර්වේද ඖෂධ ගණනාවක්ද පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

හැටන් දික්ඔය නගර සභාවේද කිසිදු අනුමැතියක් ලබා නොගෙන සැකකරු ආයුර්වේද ප්‍රතිකාර ලබා ගන්නට පැමිණෙන රෝගින්ගෙන් විශාල මුදලක් අය කර ප්‍රතිකාර ලබා දි ඇති බවත්, ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වි නොමැතිව මෙවැනි ආයුර්වේද මධ්‍යස්ථානයක් සැකකරුට පවත්වාගෙන යාමට නොහැකි බවයි හැටන් පොලීසිය සමග සැකකරු අත්අඩංගුවට ගැනිමේ මෙහෙයුමට එක්වු හැටන් දික්ඔය නගර සභාවේ මහජන සෞඛ්‍ය පරික්ෂක රාමයියා බාලක්‍රිෂ්ණන් මහතා කියා සිටියේ.

අත්අඩංගුවට ගත් සැකකරු හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලීසිය පැවසිය.